පූජා ගෞතමී උමාශංකර්, මේවනවිට බොහෝ දෙනෙක් දන්නා ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළියක්නේ.ඉතින් පුජාට නොසිතූ කරදරයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියලා අපිට ආරංචිවුණා.
කරුණාට අැප
රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු විනයාගමූර්ත් මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දැඩි අැප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.
රුපියල් දස ලක්ෂයක මුදල් අැපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අැප හතරක් මත නිදහස් කෙරුණු කරුණා අම්මාන් හට විදෙස් ගමන් තහනම් කර තිබේ.
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ අද (07) අලුයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.සුමාත්‍රාවේ - අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණය අනුව 6.4 ක්.
භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වැඩිදුර තොරතුරු ලැබී නොමැති නමුත්, එහි ජනයා කලබලයට පත්වූ බවත්, නිවාස රැසකට විදුලිය බිද වැටී ඇති බවත්, වාර්තා වනවා.2004 වසරේ ආසියානු සුනාමියට මුල් වූ භූ කම්පනය ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම නිසා ඇතැම් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සදහන්.
කෑවොත් ටොෆි මහමඟ නිදි !
සිසිල් බීමවලට නිදි මත් පෙති දමා පුද්ගලයන් සතු දේවල් සොරා ගන්නා අපරාධකරුවෙක් දැලේ යන පුවතක් පසුගියදා පළවිය.
මේ සෙල්ලම කලක සිට අප රටේ ක්‍රියාත්මක වන දෙයකි. විශේෂයෙන්ම දුම්රිය හෝ බස් රථවල ගමන් ගන්නා පුද්ගලයන්ට ටොෆියක් කන්නට දී ඔවුන් සතු දේවල් සොරා ගැනීම කලක සිටම සිදුවේ.
කුඩු වික්ක ‘කුඩු හාවා’ අල්ලයි
සුඛෝපභෝගී වාහනවලින් මහනුවරට යන එන විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉලක්ක කැර හෙරොයින් අලෙවියේ යෙදුණු 'කුඩු හාවා' නමැති සැකකරු හෙරොයින් ග්‍රෑම් තුන හමාරක් සමඟ මහනුවර කෙට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරම්කරු මූල්‍ය ආයතනයක කළමනාකරුවන් දෙදෙනෙකුට හෙරොයින් අලෙවි කිරීමට යෑමේ දී එම කළමනාකරුවන් සමඟ සැකකාර ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.
මෙහිදි අත්අඩංගුවට ගැනුණු කළමනාකරුවකු වෙනුවෙන් ඔහුගේ මූල්‍ය ආයතනය ලබා දී තිබූ මොටර් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.




