විටමින් ඌනතාවයෙ ලක්ෂණ


විටමින් යනු කාබනික අණු වලින් සෑදුණු සෛලවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන නමුදු බොහොමයක් ජීවීන්ට තමන් තුළම නිෂ්පාදනය කරගත නොහැකි සංඝටකයකි.

රට පුරා වෛරස් ආසාදනයක්

මේ දිනවල රටපුරා වෛරස් ආසාදනයක් පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

දින කීපයක් උණ රෝගය පවතින අතර එය සුව වීමත් සමග සති කීපයක් පුරා රඳා පවතින වෛරස් රෝගයක් පැතිර යන බවත් එම වෛරසය හේතුවෙන් වියළි හෝ සෙම සහිත කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යව පවතින බවත් හෙතෙම පෙන්වා දේ.

කුඩා දරුවන් අතර වැඩි වශයෙන් මෙම වෛරසය පැතිර යන බැවින් සෙනඟ ගැවසෙන ස්ථාන වෙත දරුවන් රැගෙන නොයන ලෙසද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දේ.

පොදුජන පෙරමුණේ මහලේකම් තිස්ස?

මේ වනවිට පිහිටුවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයට එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පත්කිරීම කෙරෙහි එම පක්ෂය හා පක්ෂයට සම්බන්ධ කණ්ඩායම්හි අවධානය යොමුව ඇත. මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අත්තනායක මහතා අදාළ තනතුරට පත් කිරීම ගැටලුවක් නොමැති බවට එම පක්ෂයේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර ද විවිධ මත ප්‍රකාශ වී ඇති අතර, මේ වන විට එම පක්ෂයේ ලේකම් ධුරය නීතිඥ සාගර කාරියවසම් මහතා දරන අතර, පාලක ලේකම් ධුරය රේණුක පෙරේරා මහතා දරනු ලබයි.

ඒඩ්ස්‌ සුව කරන එන්නතක්‌ අත්හදා බලයි

මෙතෙක්‌ ලොව පුරා මිලියන 35 ක පමණ ජනගහනයකට මරු කැඳවා ඇති ඒඩ්ස්‌ රෝගය සඳහා නිපදවා ඇති සාර්ථක යෑයි පිළිගැනෙන එන්නතක්‌ නොවැම්බර් 30 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ අත්හදා බැලීම ආරම්භ කර තිබේ.

වසර 2009 දී තායිලන්තයේ අත්හදා බැලූ ඒඩ්ස්‌ රෝගයට හේතු වන එච්. අයි. වී. වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා සියයට 30 ක ආරක්‍ෂාවක්‌ ලබා දෙන එන්නතට පසු ලොව නිපදවූ සාර්ථක යෑයි පිළිගැනෙන ප්‍රථම ඒඩ්ස්‌ එන්නත මෙය බව පැවසේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු තානාපතිනිය ගෙදර යයි

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ඒමේ ක්‍රියාවලියට සහාය දැක්‌ වූ ස්‌විස්‌ටර්ලන්තයේ ඇමරිකානු තානාපති සුසැන් ලෙවිනේ ජනවාරි 20 දා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව සහ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා දැඩි අර්බුදයකට ලක්‌ වී ඇත.

ඇමරිකානු තානාපතිනිය ඉල්ලා අස්‌වන බව එම ප්‍රකාශකර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ඇමරිකානු ජනපති ලෙස දිවුරුම් දෙන දිනයේදී බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.