මෙතෙක් ලොව පුරා මිලියන 35 ක පමණ ජනගහනයකට මරු කැඳවා ඇති ඒඩ්ස් රෝගය සඳහා නිපදවා ඇති සාර්ථක යෑයි පිළිගැනෙන එන්නතක් නොවැම්බර් 30 වැනිදා සිට දකුණු අප්‍රිකාවේ අත්හදා බැලීම ආරම්භ කර තිබේ.
වසර 2009 දී තායිලන්තයේ අත්හදා බැලූ ඒඩ්ස් රෝගයට හේතු වන එච්. අයි. වී. වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා සියයට 30 ක ආරක්‍ෂාවක් ලබා දෙන එන්නතට පසු ලොව නිපදවූ සාර්ථක යෑයි පිළිගැනෙන ප්‍රථම ඒඩ්ස් එන්නත මෙය බව පැවසේ.




