ගාලු මුවදොර යෝධ නත්තල් ගසට විරෝධය

ළඟ එන නත්තල් උත්සවය නිමිත්තෙන් රුපියල් කෝටි ගණනක්‌ වැය කර අමාත්‍යාංශයක්‌ මැදිහත් වී කොළඹ ගාලු මුවදොර ඉදිකෙරෙන යෝධ "නත්තල් ගස" පිළිබඳව කතෝලික සභාවේ විරෝධය එල්ල වී ඇත.

කොළඹ අගරදගුරු මැඳුරේදී ඊයේ (6 දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙම විරෝධතාව පිළිබඳව හෙළි විය.

ලංගමට අලුතින් බස්‌ රථ 1250 ක්‌

ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සඳහා ලබන වසරේදී අලුතින් බස්‌ රථ 1250 ක්‌ මිලදී ගන්නා බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

දිග ප්‍රමාණයේ බස්‌ දහසක්‌ සහ කුඩා ප්‍රමාණයේ බස්‌ දෙසීය පනහක්‌ මෙසේ මිලදී ගන්නා බව පැවසූ සභාපතිවරයා මෙසේ බස්‌රථ මිලදී ගැනීමට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇතැයිද බස්‌ රථ මිලදී ගැනීම සඳහා මේ වනවිට විවෘත ටෙන්ඩර් කැඳවා ඇතැයිද කියා සිටියේය.

Adam’s Peak ශ්‍රී පාදය වෙයි

ගූගල් සිතියම (Google Map) මෙතෙක් කලක් දර්ශනය වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මේ වනවිට ගූගල් සිතියමේ ශ්‍රී ලංකාව අයත්වන සීමාවේ බොහෝ නගර සහ ආයතන නාමයන් සිංහලෙන් දර්ශනය වනවා.

ඇතැම් රටවලට ඒ රටට අදාල භාෂාවන්ගෙන් නගර සහ ස්ථාන නාම දැකගැනීමේ පහසුකම මීට පෙර සිටම දක්නට ලැබුණා.

සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු


ඔබ පළමු වතාවට යම් කෙනෙක් සිප ගන්නා විට ඩොපමයින් නම් වූ ස්නායු සම්ප්‍රේෂකය උත්තේජනය වෙනවා. එවිට ඔබට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට නිසාම තව තවත් සිප ගැනීමට ඔබ තුළ දැඩි කැමැත්තක් ඇතිවෙනවා.සිප ගැනීමෙන් ඔබගේ ආයු අපේක්ෂාව වැඩි වෙනවා. එයට හොඳම සාක්ෂිය වන්නේ රැකියාව සඳහා පිටත්ව යන විට තම බිරිඳ සිප ගන්නා පිරිමින් අවුරුදු 5 ක් වැඩිපුර ජීවත් වෙන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිමයි.

ලිත් බෙදූ නඩුවෙන් බැසිල් නිදහස්

දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපති විසින් ‍ගොනුකළ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කරගෙන තිබේ.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගෙන තිබේ.