පොලිස්පතිට වගේ මැ.කො.ටත් ඇමතුමක් - Video

පොලිස්පති පූජිත ජයසුන්දර උත්සවයක් අමතමින් සිටියදී දුරකතන ඇමතුමක් ලද ආකාරයටම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා උත්සවයක් අමතමින් සිටින අතරතුරදී ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනු අතර වහා එය විසන්ධි කරමින් ඔහු කියා සිටියේ ‘මේකට උත්ර දුන්න නම් ලෙඩක්’ යනුවෙනි.



ජයලලිතා වෙනුවෙන් කුරුසියක ඇණ ගසා ගනියි

පසුගිය 2015 වසරේ ජයලලිතාට බලය අහිමිව ගිය අවස්ථාවක ඇගේ අනුගාමිකයෙකු හා කරාටේ ශූරයෙකු බව කියන පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ ලී කුරුසියක සිටගෙන අත් දෙකට ලේ පිටවනතුරු ඇණගසාගත් පුවතක් ඉහත දැක්වේ.








අයවැය වාදබයිලා Video

දෙරණ රූපවාහිනියේ පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී පැවති වාදබයිලා ඉසව්වකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද’ යන්නද ඇතුළත් වාදබයිලාවකින් පිලිතුරු දුන්නේ මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කල රංගන ශිල්පියාටයි.



සිසේරියන් නිසා මනුෂ්‍ය පරිනාමයට බලපෑම්

මවුවරු සිසේරියන් සැත්කම් වෙත වැඩි වශයෙන් යොමුවීම නිසා අනාගතයේදී මනුෂ්‍ය පරිනාමයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ මවුවරුන්ගේ උකුල් ප්‍රදේශය සිහින් නිසා ඔවුන් වැඩිදෙනා සීසේරියන් සැත්කම්වලට බඳුන්වෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගෝඨාගේ පුතාගේ ගෙවල් කතාව බොරුවක්‌

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය මහතාගේ පුතුට ආණ්‌ඩුවේ වියදමින් කුලියට ගෙයක්‌ ලබා දුන් බවට මංගල සමරවීර ඇමතිවරයා ගෙනයන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (5 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද පැවසිය.