සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 42යි

saptha kanya plane crash
පුද්ගලයින් 191 දෙනකුට මරු කැඳවමින් මෙරට ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊයේ (4) දිනට වසර 42 ක් සපිරිණි.

වර්ෂ 1974 දෙසැම්බර් මස 4 දින මේ ගුවන් අනතුර සිදුවූ අතර ඉන් මක්කමේ වන්දනාවේ යමින් සිටි වන්දනා කරුවන් 182ක් හා කාර්යමණ්ඩලයේ 9 දෙනකු මරණයට පත්වූහ.

මහින්ද ජාතික උවදුරක් ගැන කියයි

ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට රථ වාහන, විශේෂ දීමනා යනාදී වශයෙන් වරදාන බෙදීම ළඟ එන බරපතළ ජාතික උවදුරක පෙරනිමිති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු එම නිවේදනය නිකුත් කර තිබේ.

මුස්ලිම් විවාහ නීතිය නිසා එම කතුන් දැඩි අර්බුදයක

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය දශක ගණනාවක් මුළුල්ලේ සංශෝධනයට ලක් නොවීම හේතුවෙන් මුස්ලිම් කාන්තාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ළමා විවාහ සම්බන්ධ ගැටලු, දික්කසාදයට අදාළ ප්‍රශ්න සහ මානසික ගැටලුවලින් මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසක් පීඩා විඳිමින් සිටින බව ට ද මුස්ලිම් ක්‍රියාකාරීන් පිරිසක් බීබීසී සංදේශයට පවසා තිබුණි.

පේෂල ජයරත්නගේ රියේ ගැටී අයෙක් මරුට

උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ රියෙහි ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

සීගිරිය සීගිරිමුල්ල ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ පනස් හතර හැවිරිදි මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ත‍්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇත.

උදාවන සතියේ ලග්න පලාපල

මේෂ ලග්නය

උදාවන සතියේ සඳු හා කුජ දහවැන්නේත් රවි, ශනි, අටෙත් ගමන් කරමින් සිටී. ගෘහ ජීවීතය මිශ්‍රඵලදායකයි. සතිය මුලදී නිතර නිවසින් බැහැරව යැමට හෝ දුර ගමනක්‌ යැමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. දරුවෙකු නිසා අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් අසනිප තත්ත්වයන් මතුවීමට ඉඩ තිබේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතු සාර්ථකව කරගෙන යැමට හැකි වේ. නමුත් ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන වීට ප්‍රවේශම් වීය යුතුය. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා පවතී.