ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය දශක ගණනාවක් මුළුල්ලේ සංශෝධනයට ලක් නොවීම හේතුවෙන් මුස්ලිම් කාන්තාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
මේ වන විට ළමා විවාහ සම්බන්ධ ගැටලු, දික්කසාදයට අදාළ ප්‍රශ්න සහ මානසික ගැටලුවලින් මුස්ලිම් කාන්තාවන් විශාල පිරිසක් පීඩා විඳිමින් සිටින බව ට ද මුස්ලිම් ක්‍රියාකාරීන් පිරිසක් බීබීසී සංදේශයට පවසා තිබුණි.




