ලංගමයට වාර්තාගත ආදායමක්

පෞද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (03) දිනයේදී රුපියල් මිලියන 110ක වාර්තාගත ආදායමක් ඉපයීමට ලංකා ගමනාගමන මණ්ඩලය සමත්වී තිබේ.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම ආදායම සාමාන්‍ය දිනක ආදායමට සාපේක්ෂව 53%ක පමණ වැඩි වීමක් බවයි.පෙරේදා රාත්‍රියේ සිට ඊයේ පස්වරුව වන විට ලංගම බස් රථවලට පහරදීමේ සිද්ධීන් 100කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවද ඔහු පැවසීය.

පිළිකා නසන දිව ඔසුව ලාවුළු

ඈත අතීතයේ සිටම මෙරට ජනතාව ලෙඩරෝගවලින් මිදීමට විවිධ උපක්‍රම යොදාගත් බව අපි දනිමු. අදටත් අප සාම්ප්‍රදායික දැනුම ලෙස භාවිත කරනුයේ පරම්පරා සිය ගණනක් ඔස්සේ ඔවුන් කළ කී දෑය. අප අද භාවිත කරන සාම්ප්‍රදායික දැනුම ඔවුන් එදිනෙදා ජීවිතයේදී ලද අත්දැකීම් අනුව පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වූ දැනුම වෙයි. ආහාර සෞඛ්‍ය පිළිබඳ අපගේ පර්යේෂණාගාරය වූයේ මුළුතැන්ගෙයයි. එම පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් වූයේ අපේ මුතුන්මිත්තන්ය. අධිවේගී ගමනක යෙදෙන අපගේ ජනතාවට දෙඇස් ඇර බලන්නට කාලයයි මේ.

ජනපති බස් සංගම් වලට දුන් පොරොන්දුව

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

ඒ අනුව පසුගියදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ පෞද්ගලික බස් වර්ජනය සම්පුර්ණයෙන්ම අවසන් කරන බවයි එම සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කරන්නේ.එමෙන්ම රථවාහන දඩ රුපියල් 25000 දක්වා වැඩි නොකෙරෙන අතර සාකච්චා මාර්ගයෙන් පමණක් දඩ ඉහළ දැමීමට දැමීමට ජනපති පොරොන්දු වූ බවත් බස් සංගම් පවසනවා.

වර්ජන දිනයේ ලංගම 20කට ගහලා

පසුගිය 2 වැනිදා පෞද්ගලික බස් රථ වර්ජනය පැවැති අවස්ථාවේදී ධාවනය කරන ලද ලංගම බස් රථ 20කට අධික සංඛ්‍යාවකට පහර දී අලාභ හානි සිදු කර ඇතැයි ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා කීය. 

මේ සියලු සිදුවීම් වාර්තා වූ සැණින් පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පෞද්ගලිකවම තමා පැමිණිලි කළ බවත් රජයේ දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඒ මහතා කීය.

සෝම හිමි අපවත් වී දහතුන් වසරයි


නිර්මල වූ බුදු දහම රැක ගැනීම උදෙසා සුවිසල් මෙහෙයක් ඉටුකළ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී මේ මස 12 වැනි දිනට වසර දහතුනකි. වසර පනස් පහක ජීවන චාරිකාවක් වසර විසි නවයක ශාසනික සේවයක් නිම කළ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ ජීවන තතු මතකයට නංවන්නට අප සිතුවේ ඒ නිසාවෙනි.