රජයෙන් විශේෂ නිවේදනයක්

බස් රථ වලට ඇතුළු රජයේ දේපළ වලට හානි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස්වර්ජනය ක්‍රියාත්මක වෙමින් සිටින විට රජයේ දේපළවලට හානි කළ පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අවම දඩය නිසා හදිසි අනතුරු අඩුවෙයි

රජය විසින් මාර්ගනීති කඩකිරීම සම්බන්ධයෙන් වූ අවම දඩ මුදල ඉහළ දැමීමත් සමඟ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත දෛනිකව ඇතුළත් කරන රෝගීන්ගේ ප්‍රමාණයේ ද අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යනි සොයිසා මෙනවිය පැවසුවාය.

පසුගිය කාලයේ දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත දෛනිකව රෝගීන් 350ත් 400ත් අතර පිරිසක් පැමිණෙන බවත් එය පසුගිය සති කිහිපයක් පුරා රෝගීන් 220ත් 250ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී ඇතැයි ද සොයිසා මෙනවිය පෙන්වා දුන්නාය.

පොලිස්පති ‘සර්’ කිවුවේ ඉස්කොලේ ‘සර්’ට.. Video

රත්නපුර ප්‍රදේශයේ උත්සවයක දී පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු ප්‍රශ්නගත ඇමතුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද නැවත ප්‍රශ්න කෙරුණා.

ප්‍රශ්නය නැගූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විමසා සිටියේ පොලිස්පතිවරයාට එම ඇමතුම ලැබී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගෙන් ද නැතහොත් විෂයභාර අමාත්‍යවරයාගෙන් ද යන්නයි.

කුමාර් ගුණරත්නම් හිරෙන් නිදහස්!

වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදට අවුරුද්දක සිර දඬුවමකට යටත්ව සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කර තිබේ.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඔහුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තාවකාලික වීසා නිකුත් කර ඇති බවයි.

නදීශා හේමමාලි සරාගී රංගනයක - Video

රියැලිටි වැඩසටහන් මේ වනවිට රූපවාහිනිය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවානේ. පසුගියදා පැවැති හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනේ කාගේත් අවධානය යොමුවුණු අංගයක් තිබ්බා. 

ඒ තමයි සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායස්න් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් වන නදීශා හේමමාලි සහ නුවන් ගුණසේකර ඉදිරිපත් කරන නර්තනයයි. ඒ නර්තනය ඔබම බලලා තීරණය කරන්න.