වෙබ් මාෆියාවලට ඉඩ දෙන්නේ නෑ

"මිනිසුන්ට මඩ ගහන්න, චරිත ඝාතනය කරන්නට, අපහාස කරන්නට වෙබ් මාධ්‍යවලට මේ විදියට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ වළක්වන්න මාර්ගයක් තිබිය යුතුයි. ඊ නිව්ස් කතුවරයා ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ නීතිඥයකු වශයෙන් ඔහුගේ මතයයි.

අධිකරණ නියෝග වැරැදි නම් ඔහුට ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. මීට වඩා විශාල අපරාධ කළ අය ගෙන්වා ගැනීමට ඉන්නවා.

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

ලබන වසරේ සිට විගමනක ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසන්නීය.

විදෙස් ගත වන ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 350කුත් පුහුණු ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 400ක් ලෙසත් මෙවර අය - වැය මඟින් යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය මේ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

තලවතුගොඩ ගණිකා මඩමක් වටලයි

තලවතුගොඩ ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් පස් දෙනකුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා පෙරේදා (29දා) නියෝග කළේය.

තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලවතුගොඩ "සිටි ලන්ඩන්" නමින් මෙම මධ්‍යස්ථානය 2012 ජනවාරි 25 දින තලංගම පොලිසිය මඟින් වැටලූ අවස්ථාවේ එහි ගණිකා වෘත්තියට සූදානම් වී සිටි කාන්තාවන් 13ක් සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

රූකාන්තගෙන් අලුත් වැඩක්

 Roo On Stage Live

රූකාන්ත ගුණතිලක කියන්නේ සංගීත කලාව තුළ නව පිටුවක් පෙරළපු චරිතයක්නේ. ඉතිං ඔහුගේ අලුත් වැඩක් "Roo On Stage Live" දෙසැම්බර් 03 වැනිදා ඉඳන් ප්‍රසංග මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔහු කිව්වේ මේ ආකාරයෙනි.

සමෘද්ධි නිලධාරීහු වීරවංසට හූ කියා පන්නති

සමෘද්ධි නිලධාරීන් ඊයේ (29) පාර්ලිමේන්තු වටරුවුමේ පැවැත්වූ විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතාට සහ වීරකුමාර දිසානායක මහතාට එම නිලධාරීන් පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.

එහි පැමිණි විමල් වීරවංස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටියදී විරෝධතාකරුවන්ගේන් පිරිසක් එයට විරෝධය පළ කර ඇති අතර පසුව තවත් පිරිසක් විමල් වීරංවසගේ පැමීණීමට විරෝධය පළ කරමින් හූ කියා ඇත.