"මිනිසුන්ට මඩ ගහන්න, චරිත ඝාතනය කරන්නට, අපහාස කරන්නට වෙබ් මාධ්‍යවලට මේ විදියට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ වළක්වන්න මාර්ගයක් තිබිය යුතුයි. ඊ නිව්ස් කතුවරයා ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ නීතිඥයකු වශයෙන් ඔහුගේ මතයයි.
අධිකරණ නියෝග වැරැදි නම් ඔහුට ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. මීට වඩා විශාල අපරාධ කළ අය ගෙන්වා ගැනීමට ඉන්නවා.




