මර්වින්ට ලක්ෂ 4ක් වන්දි ගෙවන්න වෙයි

2010 වසෙර් 9වන මස 18 වනදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් නිවස වටා පිහිටි තාප්පය හා ඒ අශ්‍රිත ඉදිකිරීම් පාර පලල් කිරීමට යැයි කියා ප්‍රදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.

එවකට පැවති රජයේ අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, කිරිබත්ගොඩ පොලිස් ස්ථානිධිපති හා නීතිපති අතුළු 8දෙනෙකුට විරුද්ධව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරු විසින් ගොනුකර තිබූ ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගනිමින් මර්වින් සිල්වා මහතාට රු ලක්ෂ 4ක් හා පොලිස් ස්ථානාධිපති වරයට රු 50,000 බැගන් එම පදංචිකරුට පුද්ගලික වන්දියක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

මහින්ද චීන මහා ප‍්‍රාකාරයේ.. [Photo]

මේ දිනවල චීන සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීන මහා ප‍්‍රාකාරයේද චාරිකාවක නිරතව තිබේ.

ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක්‌

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල්වලට ෙපෟද්ගලික බවුසර් රථ මඟින් ඩීසල් ප්‍රවාහනය කිරීමේ දී එම ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකොට බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට දොම්පේ පොලිසිය පෙරේදා (28) සමත් වී ඇත.

පෙරේදා පස්වරුවේ උඩමාපිටිගම ප්‍රදේශයේ පාළු නිවෙසක් පිටුපස තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක තිබූ ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කරමින් සිටින විට වැටලූ අවස්ථාවේ මේ මහා පරිමාණ ජාවාරම හෙළි කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

සිසුවාට පහර දී අතේ 'තමිල්' කියා කොටලා

ක්‍රිකට්‌ පොලු අතැතිව පැමිණි තරුණයන් පිරිසක්‌ විසින් දුම්රිය මාර්ගයකදී පාසල නිමවී පැමිණෙමින් සිටි සිසුවකුට පහර දී උල් කටුවකින් දකුණු අතෙහි තමිල් යනුවෙන් ඉංග්‍රීසියෙන් කොටා පන්නා දැමීමේ පුවතක්‌ තලවාකැලේ පොලිස්‌ බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලවාකැලේ සුමන මහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා තුවාල සහිතව නිවසට ගියමුත් මේ පිළිබඳව දෙමවුපියන්ට පවසා නැත. පසු දින තුවාල සහිතව පාසලට පැමිණි සිසුවාගෙන් ගුරුවරුන් කරුණු විමසීමෙන් අනතුරුව ඔහු ලිඳුල රෝහලට ඇතුළු කිරීමට ඔවුන් කටයුතු යොදා ඇත.

අද රට පුරා වෛද්‍යවරු වර්ජනයේ

අයවැය යෝජනා කිහිපයකට විරෝධය දක්‌වමින් දිවයින පුරා වෛද්‍යවරුන් අද (30 දා) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම වර්ජනය සඳහා රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය සහාය දක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.