රූකාන්තගෙන් අලුත් වැඩක්
රූකාන්ත ගුණතිලක කියන්නේ සංගීත කලාව තුළ නව පිටුවක් පෙරළපු චරිතයක්නේ. ඉතිං ඔහුගේ අලුත් වැඩක් "Roo On Stage Live" දෙසැම්බර් 03 වැනිදා ඉඳන් ප්‍රසංග මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔහු කිව්වේ මේ ආකාරයෙනි.
සමෘද්ධි නිලධාරීහු වීරවංසට හූ කියා පන්නති
සමෘද්ධි නිලධාරීන් ඊයේ (29) පාර්ලිමේන්තු වටරුවුමේ පැවැත්වූ විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංස මහතාට සහ වීරකුමාර දිසානායක මහතාට එම නිලධාරීන් පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.
එහි පැමිණි විමල් වීරවංස මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටියදී විරෝධතාකරුවන්ගේන් පිරිසක් එයට විරෝධය පළ කර ඇති අතර පසුව තවත් පිරිසක් විමල් වීරංවසගේ පැමීණීමට විරෝධය පළ කරමින් හූ කියා ඇත.
වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කුසල් - Live Video
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ආරම්භ විය. එහි පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය රුචිර පල්ලියගුරුගේ මහතාට හිමිවිය. වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස රසල් ආනල්ඩ් සම්මාන ලැබීය. 2015 වසරේදී ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව සම්මාන පිරිනමයි. වසීම් අක්රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබේ.
IOC ඩීසල් මිල ඉහළට
ඉන්දියන් ඔයිල් සමාගමේ ඩීසල් වර්ග දෙකක මිල ලීටරයක් රුපියල් 2 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
හෙට (01) සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක වෙනු ඇති බවයි පැවසෙන්නේ.
සුපිරි පිතිකරු යුවරාජ් සිං යුග දිවියට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරු යුවරාජ් සිං පසුගියදා යුග දිවියට පිවිසුනා.
ඔහු සමගින් අතිනත ගත්තේ ඉන්දීය සුරූපී නිළි Hazel Keech. මෙම ක්‍රීඩකයාගේ විවාහ උත්සවය සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.




