ශ්රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල්වලට ෙපෟද්ගලික බවුසර් රථ මඟින් ඩීසල් ප්රවාහනය කිරීමේ දී එම ඩීසල්වලට භූමිතෙල් මිශ්රකොට බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට දොම්පේ පොලිසිය පෙරේදා (28) සමත් වී ඇත.
පෙරේදා පස්වරුවේ උඩමාපිටිගම ප්රදේශයේ පාළු නිවෙසක් පිටුපස තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් ප්රවාහනය කරන ලද බවුසර් රථයක තිබූ ඩීසල්වලට භූමිතෙල් මිශ්ර කරමින් සිටින විට වැටලූ අවස්ථාවේ මේ මහා පරිමාණ ජාවාරම හෙළි කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.




