ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ආරම්භ විය. එහි පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය රුචිර පල්ලියගුරුගේ මහතාට හිමිවිය. වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස රසල් ආනල්ඩ් සම්මාන ලැබීය. 2015 වසරේදී ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව සම්මාන පිරිනමයි. වසීම් අක්‍රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබේ.
IOC ඩීසල් මිල ඉහළට
ඉන්දියන් ඔයිල් සමාගමේ ඩීසල් වර්ග දෙකක මිල ලීටරයක් රුපියල් 2 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
හෙට (01) සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක වෙනු ඇති බවයි පැවසෙන්නේ.
සුපිරි පිතිකරු යුවරාජ් සිං යුග දිවියට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරි පිතිකරු යුවරාජ් සිං පසුගියදා යුග දිවියට පිවිසුනා.
ඔහු සමගින් අතිනත ගත්තේ ඉන්දීය සුරූපී නිළි Hazel Keech. මෙම ක්‍රීඩකයාගේ විවාහ උත්සවය සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මර්වින්ට ලක්ෂ 4ක් වන්දි ගෙවන්න වෙයි
2010 වසෙර් 9වන මස 18 වනදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් නිවස වටා පිහිටි තාප්පය හා ඒ අශ්‍රිත ඉදිකිරීම් පාර පලල් කිරීමට යැයි කියා ප්‍රදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම නඩුව අද කැඳවනු ලැබුවා.
එවකට පැවති රජයේ අමාත්‍යවරයෙකු වු මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, කිරිබත්ගොඩ පොලිස් ස්ථානිධිපති හා නීතිපති අතුළු 8දෙනෙකුට විරුද්ධව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරු විසින් ගොනුකර තිබූ ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගනිමින් මර්වින් සිල්වා මහතාට රු ලක්ෂ 4ක් හා පොලිස් ස්ථානාධිපති වරයට රු 50,000 බැගන් එම පදංචිකරුට පුද්ගලික වන්දියක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.
මහින්ද චීන මහා ප‍්‍රාකාරයේ.. [Photo]
මේ දිනවල චීන සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීන මහා ප‍්‍රාකාරයේද චාරිකාවක නිරතව තිබේ.




