ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරමක්‌

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් දිවයිනේ ඉන්ධන පිරවුම්හල්වලට ෙපෟද්ගලික බවුසර් රථ මඟින් ඩීසල් ප්‍රවාහනය කිරීමේ දී එම ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රකොට බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට දොම්පේ පොලිසිය පෙරේදා (28) සමත් වී ඇත.

පෙරේදා පස්වරුවේ උඩමාපිටිගම ප්‍රදේශයේ පාළු නිවෙසක් පිටුපස තෙල් ගබඩා සංකීර්ණයෙන් ඩීසල් ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක තිබූ ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කරමින් සිටින විට වැටලූ අවස්ථාවේ මේ මහා පරිමාණ ජාවාරම හෙළි කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

සිසුවාට පහර දී අතේ 'තමිල්' කියා කොටලා

ක්‍රිකට්‌ පොලු අතැතිව පැමිණි තරුණයන් පිරිසක්‌ විසින් දුම්රිය මාර්ගයකදී පාසල නිමවී පැමිණෙමින් සිටි සිසුවකුට පහර දී උල් කටුවකින් දකුණු අතෙහි තමිල් යනුවෙන් ඉංග්‍රීසියෙන් කොටා පන්නා දැමීමේ පුවතක්‌ තලවාකැලේ පොලිස්‌ බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලවාකැලේ සුමන මහ විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා තුවාල සහිතව නිවසට ගියමුත් මේ පිළිබඳව දෙමවුපියන්ට පවසා නැත. පසු දින තුවාල සහිතව පාසලට පැමිණි සිසුවාගෙන් ගුරුවරුන් කරුණු විමසීමෙන් අනතුරුව ඔහු ලිඳුල රෝහලට ඇතුළු කිරීමට ඔවුන් කටයුතු යොදා ඇත.

අද රට පුරා වෛද්‍යවරු වර්ජනයේ

අයවැය යෝජනා කිහිපයකට විරෝධය දක්‌වමින් දිවයින පුරා වෛද්‍යවරුන් අද (30 දා) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම වර්ජනය සඳහා රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය සහාය දක්‌වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

කුකුළු මස්‌ කෑමෙන් බැක්‌ටීරියා ආසාදන

බ්‍රොයිලර් වර්ගයේ කුකු`ථ මස්‌ වැඩිපුර ආහාරයට ගැනීම නිසා බැක්‌ටීරියා ආසාදන රෝගවලට ගොදුරු වීමේ අවදානමක්‌ ඇතැයි ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ජයතිලක මහත්මිය පැවසුවාය.

මස්‌ පිණිස ගොවිපළවල ඇති කරන බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් සහ ඌරන් වැනි සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය කරගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීම නිසා එවැනි මස්‌ වර්ග බහුලව ආහාරයට ගැනීමෙන් බැක්‌ටීරියා රෝගවලට ගොදුරු විය හැකි බවත් එවැනි රෝග සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් විට ඊට එම බැක්‌ටීරියා විරුද්ධව ක්‍රියා කිරීම නිසා නොයෙකුත් බැක්‌ටීරියා ආසාදනවලට ගොදුරු වීමේ අවදානම ශ්‍රී ලංකාවේ ඉහළ ගොස්‌ ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

ඩොලරය රු. 151 ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (29 දා) රු. 151 ඉක්‌මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 151.07 ක්‌ විය.

ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28 දා) 150.59 ක්‌ විය.