බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද (25) සමත් වුණා.
දෙරට අතර අද පැවති තීරණාත්මක තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ ලකුණු 5කින්. වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරගයේ ජය තිරණය කෙරුණා.




