විදේශ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කිරීම පිළිබඳ හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය ඊයේ (24) තීරණය කළේය.
ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කර ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිලි අනුව ඉහත පරීක්ෂණ ආරම්භ කෙරේ.




