කෞතුකාගාර අධ්‍යක්‌ෂවරිය රැගෙන යැම සඳහා ඊයේ සවස 6.15 ට පමණ පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් තිබූ මෝටර් රථය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස ඇති පොකුණට වැටිණි.
වර්ෂාව සහිත මෙම අවස්‌ථාවේ දැඩි අන්ධකාරයක් පැතිර තිබූ අතර රියෑදුරුට මාර්ගය සොයා ගත නොහැකිවී පොකුණ වෙත රිය ධාවනය කර ඇතැයි පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.




