විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියට 2017 වසර සඳහා අය- වැයෙන් රුපියල් මිලියන 350ක මුදලක් මෙවර වෙන් කර තිබේ.
මේ ව්‍යපෘතිය යටතේ සිසුන් බැංකු හරහා ලබා ගන්නා ලැප්ටොප් පරිගණකවල වාරිකය පමණක් සිසුන්ගෙන් අයකර ගනු ලබන අතර, පොලී මුදල රජයෙන් ගෙවනු ලැබේ. ඒ අනුව අය- වැයෙන් මේ රුපියල් මිලියන 350ක මුදල වෙන් කර ඇත්තේ 2017 වසර සඳහා එම පොලිය ගෙවීමටය.




