දහතුන් හැවිරිදි කුඩා දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබූ උපකාරක පාසලක විදුහල්පතිවරයකු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත වූයේ මීගමුව සෙත්තපාඩුව ප්රදේශයේ පවත්වාගෙන යන උපකාරක පන්තියක විදුහල්පතිවරයකු වන 30 හැවිරිදි එක් දරු පියෙකි.




