සරසවි සිසුනට ලැප්ටොප් දෙන හැටි

 ලැප්ටොප්
විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියට 2017 වසර සඳහා අය- වැයෙන් රුපියල් මිලියන 350ක මුදලක් මෙවර වෙන් කර තිබේ.

මේ ව්‍යපෘතිය යටතේ සිසුන් බැංකු හරහා ලබා ගන්නා ලැප්ටොප් පරිගණකවල වාරිකය පමණක් සිසුන්ගෙන් අයකර ගනු ලබන අතර, පොලී මුදල රජයෙන් ගෙවනු ලැබේ. ඒ අනුව අය- වැයෙන් මේ රුපියල් මිලියන 350ක මුදල වෙන් කර ඇත්තේ 2017 වසර සඳහා එම පොලිය ගෙවීමටය. 

සිසුවාට ගහද්දී බලන් හිටිය මිනිස්සු Video

පාසලක ගේට්ටුවක් ඉදිරිපිටට පැමිණි මැර කණ්ඩායමක් පාසල් සිසුවකුට තදබල ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

පාසල අවසන්වූ අවස්ථාවක යැයි සිතිය හැකි එම දර්ශන අනුව සිසුන්, දෙමාපියන්, ආරක්ෂකයන් ඇතුළු දෙනෝදාහක් ඉදිරිපිටදී එම මැර ප්‍රහාරය එල්ල වෙද්දී අසරණවූ සිසුවාගේ පිහිටට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.

මධුමාධව දුමින්ද ගැන කියපු දේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවන්ට මේ වන විට දඬුවම් නියමවී අවසන්. භාරතට වෙඩි වැදුනා මෙන්ම දුමින්දට ද වෙඩි වැදුණු බව බොහෝ දෙනාගේ හැඟීමයි.

එසේනම් දුමින්දට වැදුණු උණ්ඩ කාගේද?මේ පිළිබඳව මධුමාධව මේ වන විට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විමසමින් සිටී.

සරත් ෆොන්සේකා ගැයූ ගීතය

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනක උත්සවයකට සහභාගී වී ගීතයක් ගායනා කර තිබෙනවා. එම ගීතයමේ වන විට සමාජ ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න..



මහින්දට එරෙහිව ලංගමය දැමූ නඩුවට කල් ඉල්ලයි

මහින්දට එරෙහිව ලංගමය දැමූ නඩුවට කල් ඉල්ලයි
පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබා ගත් බස් රථවලට අයවිය යුතු රුපියල් කෝටි 14.25ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුව අද (22) කොළඹ වාණිජ මහාධිකරණයේදී කැඳවා තිබේ.

ලංගමය විසින් මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති තිබෙන අතර ඔහුට අමතරව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. එහෙත් සංශෝධිත පැමිණිල්ලක් මගින් ඔවුන් දෙදෙනාගේ නම් නඩුවෙන් ඉවත් කරගෙන තිබේ.