අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනක උත්සවයකට සහභාගී වී ගීතයක් ගායනා කර තිබෙනවා. එම ගීතයමේ වන විට සමාජ ජාලය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.
මහින්දට එරෙහිව ලංගමය දැමූ නඩුවට කල් ඉල්ලයි
පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබා ගත් බස් රථවලට අයවිය යුතු රුපියල් කෝටි 14.25ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුව අද (22) කොළඹ වාණිජ මහාධිකරණයේදී කැඳවා තිබේ.
ලංගමය විසින් මෙම නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති තිබෙන අතර ඔහුට අමතරව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. එහෙත් සංශෝධිත පැමිණිල්ලක් මගින් ඔවුන් දෙදෙනාගේ නම් නඩුවෙන් ඉවත් කරගෙන තිබේ.
ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ (21) පැවැති තරගයේදී ඔහු ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේ.
ඒ අනුව තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සුරංගට පනවා ඔහුගේ විනය විරෝධී සටහන්වලට ලකුණු දෙකක් එක් කිරීමටත් කටයුතු කර තිබේ.
චීනයේ වාහන 56ක් ගැටී 17ක් මරුට
චීනයේ ෂැංෂි පළාතේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ, අනතුරින් තව ත් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.
බීජිං සිට කුන්මින් දක්වා දිවෙන අධිවේගී මාර්ගයේදී වාහන 56ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ෂිංහුවා මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
මුතුහෙට්ටිගමට එරෙහි නඩුවට උපදෙස් නෑ
පසුගිය ජනාධිපතිවරණයේදී බද්දේගම වඳුරඹ ප්‍රදේශයේ මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට සකස් කරමින් තිබූ වේදිකාවක් ගිනි තැබුවේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුවට චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නැතැයි වඳුරඹ පොලිසිය බද්දේගම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට ඊයේ (21දා) දැනුම් දුන්නේය.
ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නඩුව 2017 ජනවාරි 09 වැනි දින දක්වා කල් තැබීය.




