ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ

ක්‍රීඩක සුරංග
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ (21) පැවැති තරගයේදී ඔහු ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් තරග කිරීම යන චෝදනා යටතේ.

ඒ අනුව තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් සුරංගට පනවා ඔහුගේ විනය විරෝධී සටහන්වලට ලකුණු දෙකක් එක් කිරීමටත් කටයුතු කර තිබේ.

චීනයේ වාහන 56ක් ගැටී 17ක් මරුට

චීනයේ වාහන 56ක් ගැටී 17ක් මරුට
චීනයේ ෂැංෂි පළාතේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, අනතුරින් තව ත් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

බීජිං සිට කුන්මින් දක්වා දිවෙන අධිවේගී මාර්ගයේදී වාහන 56ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ෂිංහුවා මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

මුතුහෙට්ටිගමට එරෙහි නඩුවට උපදෙස් නෑ

මුතුහෙට්ටිගමට එරෙහි නඩුවට  උපදෙස් නෑ
පසුගිය ජනාධිපතිවරණයේදී බද්දේගම වඳුරඹ ප්‍රදේශයේ මැතිවරණ රැස්වීමක් පැවැත්වීමට සකස් කරමින් තිබූ වේදිකාවක් ගිනි තැබුවේ යැයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුවට චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නැතැයි වඳුරඹ පොලිසිය බද්දේගම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට ඊයේ (21දා) දැනුම් දුන්නේය.

ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නඩුව 2017 ජනවාරි 09 වැනි දින දක්වා කල් තැබීය.

ධීවරයන්ටත් ටැබ් පරිගණක

ධීවරයන්ටත් ටැබ් පරිගණක
මෙරට ධීවර ප්‍රජාව සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ද ලබාදීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ මසුන් සොයාගැනීමේ උපකරණ (Fish finder) මුහුද මැද දී සිදුවන අනතුරු කල්තියා දැනගැනීමේ උපකරණ (Tranceponder) වලට අමතරව මෙම ටැබ් පිරිනමන බව හෙතෙම කීවේය.
එම තාක්ෂණික උපකරණ දැනට මිලදී ගැනීම් සිදුවන බව ද හෙතෙම පැවසීය.

රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි රෝහල්ගත කරයි

හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. ඇල්පිටියේ ඊයේ (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර ඔහු මෙලෙස රෝගී වූ බවයි සඳහන් වන්නේ.

සරත් චන්ද්‍රසිරි මහතා මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි සඳහන් කරනවා. කෙසේ වෙතත් දින දෙක තුනක කාලයක් ඔහුට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදු වනු ඇතැයිද සඳහන්.