මෙරට ධීවර ප්‍රජාව සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ද ලබාදීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ මසුන් සොයාගැනීමේ උපකරණ (Fish finder) මුහුද මැද දී සිදුවන අනතුරු කල්තියා දැනගැනීමේ උපකරණ (Tranceponder) වලට අමතරව මෙම ටැබ් පිරිනමන බව හෙතෙම කීවේය.
එම තාක්ෂණික උපකරණ දැනට මිලදී ගැනීම් සිදුවන බව ද හෙතෙම පැවසීය.




