පාර්ලිමේන්තුවට කලවැද්දෙක් ඇවිත්

 කලවැද්දා
පාර්ලිමේන්තු පරිශ්‍රයට කලවැද්දකු පැමිණීම නිසා යම් කලබලකාරී තත්ත්වයක් උදාවූ බව වාර්තා වේ. මෙම කලවැද්දා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ ඇත්තේ පසුගිය 18 වැනිදා සිකුරාදාය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි කානුවක රිංගා සිටියදී මෙම කලවැද්දා දැක ඇත්තේ පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසකි. එම සේවකයන් මහත් පරිශ්‍රමයක් යොදා කලවැද්දා අල්ලාගෙන පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් ඇත.

රථ වාහන මාර්ග දඩය රු. 25,000ක්‌ කළ යුතුයි

රාජිත සේනාරත්න
මාර්ග නීති කඩ කිරීමේ දඩ මුදල රුපියල් 2500 ක්‌ නොව රුපියල් 25,000 දක්‌වා ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

වාණිජකරණය මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමෙන් අනතුරු සිදුවන ප්‍රමාණය ඉහළ ගොස්‌ ඇතැයි අමාත්‍යවරයා කීය. මෙම අනතුරු පාලනය කිරීම සඳහා මාර්ග නීති පද්ධතියක්‌ අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කුඹුරු ගොඩකිරීම ජනපති නියෝගයෙන් නවතියි

කුඹුරු ඉඩම් ගොඩකිරීම තහනම් කිරීමට අදාළ චක්‍රලේඛය ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් එම්. ඒ. එස්. වීරසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

කුඹුරු ඉඩම් ගොඩකිරීම නැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය කිරීමෙන් පසුව ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මහ පාරේ කහ ඉරි සුදු වෙයි

මහ පාරේ කහ ඉරි සුදු වෙයි
මෙරට මහා මාර්ගවල ඇති සියලුම කහ ඉරි දෙසැම්බර් 03 වැනිදා පටන් සුදු ඉරි ලෙස වෙනස් කිරීම ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඊයේ (20) පැවසීය. දැන් පවතින ක්‍රියාවලිය වන්නේ සුදු ඉරි බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් ඒ මහතා පැවසීය.දෙසැම්බර් 3 වැනිදා එය ආරම්භ කොට දීපව්‍යාප්තව සිදුකෙරෙන බවද හෙතෙම පැවසීය.

මේ වන විට නීතිය වන්නේද කහ ඉරි නොව සුදු ඉරි බවත් එම නිසා වසරක් වැනි කාලයක් තුළ රට තුළ ඇති සියලුම කහ ඉරි සුදු ඉරි ලෙස වෙනස් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

පියුමි හංසමාලිට තුර්කියේදී ජයක්

Photos - Piyumi Hansamali

සමාජ ජාල වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් වූ පියුමි හංසමාලි නිරූපණ ශිල්පී තරඟයකට සහභාගිවීමට තුර්කිය බලා පිටත්වුණේ පසුගිය දිනකයි.