මෙරට මහා මාර්ගවල ඇති සියලුම කහ ඉරි දෙසැම්බර් 03 වැනිදා පටන් සුදු ඉරි ලෙස වෙනස් කිරීම ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඊයේ (20) පැවසීය. දැන් පවතින ක්‍රියාවලිය වන්නේ සුදු ඉරි බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් ඒ මහතා පැවසීය.දෙසැම්බර් 3 වැනිදා එය ආරම්භ කොට දීපව්‍යාප්තව සිදුකෙරෙන බවද හෙතෙම පැවසීය.
මේ වන විට නීතිය වන්නේද කහ ඉරි නොව සුදු ඉරි බවත් එම නිසා වසරක් වැනි කාලයක් තුළ රට තුළ ඇති සියලුම කහ ඉරි සුදු ඉරි ලෙස වෙනස් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.




