“ඉදිකටුපාන” ආසන්නයේ බියර් විකුණා මාට්ටු

ඉදිකටුපාන
නල්ලතන්නිය-ශ්‍රිපාද මාර්ගයේ “ඉදිකටුපාන” ප්‍රදේශයේදී ශ්‍රීපාදය බලා පැමිණෙන විදේශිය සංචරකයින්ට බියර් ටින් අලෙවි කරමින් සිටි වෙළදසල් හිමියෙක් මි.ග්‍රෑම්ස් 330 බියර් ටින් 24 ක් සමග පෙරේදා (19) අළුයම නල්ලතන්නිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

නල්ලතන්නිය පොලිස්ථානාධිපති පෙලිස් පරීක්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතාට ලැබුණ තොරතුරක් මත බියර් ටින් මිළදී ගැනීමට උපාය දූතයකු යොදවා සැකකරු හා බියර් ටින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

ෆැෂන් බග් ගින්නේ අලාභය මිලියන 200 යි

Fire at Fashion Bug store in Pepiliyana
ඊයේ රාත්‍රී ගිනි ගැනීමට ලක් වූ බොරලැස්ගමුව, පැපිලියානේ ෆැෂන් බග් ගබඩා සංකීර්ණය නිසා එම අලෙවි සලේ වටිනා රෙදි පිළි ගාහභාණ්ඩ ඇතුළු බොහෝ දේ විනාශවී ඇති අතර ඉදිරියට කාලයක් යනතුරු අලෙවි කටයුතු අරඹන්නට නොහැකි වාතාවරණයක් උදාවී ඇත.

මේ ගැන පරීක්ෂාවට ලක් කිරීම සදහා රජයේ රස පරීක්ෂක වරයා එම ස්ථානයට අද දහවල් පැමිණි අතර තක්සේරු කර තිබෙන පාඩුව රුපියල් මිලියන 200 ක් පමණ වන බවද වාර්තා විය.

හිසකෙස්‌ සුදුවීම වළක්‌වා ගන්නා හැටි

Hair Graying Home remedies solutions and treatments
ප්‍රශ්නය - ඉස්‌හොරි පිළිබඳ බටහිර වෛද්‍ය මතය කුමක්‌ද?

වෛද්‍ය කලුආරච්චි - සිංහල වෙදකමේ එන විදියටම ඉංගී්‍රසි වෙදකමේ කියන්නෙත් ඉස්‌හොරි කියන්නේ මියගිය චර්ම සෛල කොටසක්‌ බවයි. සාමාන්‍යයෙන් හිසේ චර්ම සෛල මියයනවා. එය ස්‌වභාවික තත්ත්වයක්‌. සාමාන්‍යයෙන් සබන් දියරයක්‌ ගා ස්‌නානය කරන විට වර්ග සෙන්ටිමීටරයකට චර්ම සෛල 487000 ක්‌ පමණ සේදී යනවා. මෙයත් සාමාන්‍ය තත්ත්වයක්‌. ඒත් සමහර අයගේ හිසේ චර්ම සෙන්ටිමීටරයකට සෛල අටලක්‍ෂයක්‌ විතර ගැලවී යනවා. මෙය අසාමාන්‍ය තත්ත්වයක්‌. බටහිර වෛද්‍යවරු Dandruff කියලා මෙය හඳුන්වනවා.

විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කළුබෝවිල රෝහලේදීයී.

ඔහු සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙක් වනවා. 1948 දී උපත ලෑබූ ඒ මහතා මියයන විට 68 වන වියේ පසූවූවා.

කැළණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු සිනමාව , හා ටෙලිනාට්‍ය යන ක්‍ෂේත‍්‍රවල විශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශණය කළා.

සීක්කුගේ ප්‍රසන්න ගහපු සුපිරි හයේ පහර 7

Dhaka Dynamites vs Khulna Titans Highlights - Match 18 BPL 2016