එක්‌සත් ජනතා නිදහස් සංධානයට සහාය දැක්‌වූ දේශපාලන පක්‍ෂ 11 ක් ඉන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්‌වීමට මේ වනවිට රහසිගතව සාකච්ඡා වට කිහිපයක්‌ම පවත්වා තිබේ. මෙම පක්‍ෂවලින් අති බහුතරයක් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ වන අතර දෙමළ හා මුස්‌ලිම් පක්‍ෂ කිහිපයක් ද ඒ අතර වෙයි.
පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු මෙම පක්‍ෂ සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ. පොදුජන පෙරමුණට එක්‌වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හිටපු ජනාධිපති - මහින්ද රාජපක්‍ෂ මහතාගේ චීන සංචාරයෙන් පසුව ගැනීමට නියමිත බව එම පක්‍ෂ නියෝජිතයකු පැවසීය.