මහින්ද ආවොත් විපක්‍ෂ මන්ත්‍රීන් රැසක්‌ ආණ්‌ඩුවට

තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්‌ඩාර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ නායකත්වය බාර ගනු ලැබුවහොත් ඔහු සමඟ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු රැසක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමඟ එක්‌ වී ආණ්‌ඩුවට සහයෝගය දැක්‌වීමට එකඟතාව පළ කර තිබෙන බව ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්‌ඩාර මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම යටතේ නව පක්‍ෂය පිහිටුවා තිබෙන බවත් ඊට ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු බහුතරයක්‌ මේ වන විට දැඩි විරෝධය පළ කර තිබෙන බව හෙතෙම කීය.

අලුත් පක්‍ෂයේ සහායට එජනිස පක්‍ෂ 11ක්‌

මහින්ද රාජපක්‍ෂ
එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට සහාය දැක්‌වූ දේශපාලන පක්‍ෂ 11 ක්‌ ඉන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්‌වීමට මේ වනවිට රහසිගතව සාකච්ඡා වට කිහිපයක්‌ම පවත්වා තිබේ. මෙම පක්‍ෂවලින් අති බහුතරයක්‌ ලියාපදිංචි දේශපාලන පක්‍ෂ වන අතර දෙමළ හා මුස්‌ලිම් පක්‍ෂ කිහිපයක්‌ ද ඒ අතර වෙයි.

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු මෙම පක්‍ෂ සමග වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ. පොදුජන පෙරමුණට එක්‌වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හිටපු ජනාධිපති - මහින්ද රාජපක්‍ෂ මහතාගේ චීන සංචාරයෙන් පසුව ගැනීමට නියමිත බව එම පක්‍ෂ නියෝජිතයකු පැවසීය.

සමේ රෝගවලට නිවැරදි පිළියම් මෙන්න

සමේ රෝගවලට  නිවැරදි පිළියම් මෙන්න
මිනිස්‌ සිරුරේ ලොකුම ඉන්ද්‍රිය වන සම නිරෝගීව තබාගැනීම සෑම කෙනකුටම අත්‍යවශ්‍යම දෙයකි. නමුත් වර්තමානයේ සම ආශ්‍රිතව හටගන්නා බොහෝ රෝග නිසා සමාජයේ කාන්තා පිරිමි බොහෝ දෙනෙක්‌ පීඩාවට පත්ව සිටිති. සමේ ඇති වැදගත්කම සමේ හටගන්නා විවිධ රෝග සහ එම රෝග සුවකර ගැනීම සඳහා කළ යුතු පිළියම් කවරේද යන්න පිළිබඳව අප ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක වෛද්‍යවරයාගෙන් විමසුවෙමු.

උදාවන සතියේ ඔබේ දෛවය

උදාවන සතියේ ඔබේ දෛවය
මේෂ ලග්නය

සඳු හතරේ ද ලග්නාධිපති කුජ දහවැන්නේද රවි අටේ ද ගමන් කරමින් උදාවන සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. කෙසේ නමුත් ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට හැකිවේ. මව්පියන්ට සුබයි. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලට තරමක බාධා පවති. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමේදී ප්‍රවේශම් වෙන්න. රැකියා හා ව්‍යාපාර අංශවල සේවක පක්‌ෂයෙන් බාධා ඇතිවීමට ඉඩ තිබේ. උත්සාහය ධෛර්යය නිසා බොහෝ අවහිරතා ම`ගහරවා ගැනීමට ශක්‌තිය ලැබේ. බිරිඳ හෝ සැමියාට සුබයි. රවි ශනි දශා ගත කරන අයට තරමක අපල තිබේ.

ඔව් මම සල්ලිකාරයෙක් - මාලිංග

ඔව් සල්ලිකාරයෙක් - මාලිංග
ඔහු හිතුවක්කාර යෙක්.ඒ වගේම ජේත්තුකාරයෙක්.කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්.මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත් ඔහු ඔහුමය.ඔහු ලසිත් මාලිංග.යෝකරයක් වගේම කෙළින් බඩුවක්.

රත්ගම කිව්වාම සමහරුන්ගේ මුහුණු හැකිළෙනවා. රත්ගම ඉපදුණු ඔබට රත්ගම දැනෙන්නේ කොහොමද?