ගයේෂා මව් පදවිය ලබන්න සුදානම්

ගයේෂා මව් පදවිය ලබන්න සුදානම්
මෑත කාලයේ කතාබහට ලක්වුණු නිළියක් තමයි ගයේෂා පෙරේරා කියන්නේ.ඉතින් ගයේෂා ගැන අලුත් ආරංචියක් අපට ලැබුණා.ඒ ගයේෂා මව් පදවිය ලබන්න සුදානම් වෙනවා කියලා. ඉතින් අපි ගයේෂට සුබ පතන ගමන් ඒ ගැනත් අහල බැලුව.

ගයේෂා මවක් වෙන්න යන එක ගැන ඇය කිව්වේ මෙන්න මේ විදියට.

ප්‍රභාකරන් තවම ඉන්නවා - වීඩියෝව

"Prabhakaran Will Be Back" - Tamil Diaspora Warned to Ven Ampitiye Sumanarathana Thero
අම්පිටියේ සුමනරතන හිමි පසුගිය දින ගණනාව පුරාම මෙරට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන ප්‍රධාන චරිතයක්බවට පත් වුණා.

මඩකලපුවේ සිංහල ගම්වාසීන් පිරිසකට බලපා ඇති ගැටළුවක් මුල්කරගනිමින් එම ගම්වාසීන්ට සාධාරණය ඉටුකිරීමට නායකත්වය ගැනීමත් සමග උන්වහන්සේ හැසිරුණු ආකාරය පිළිබඳව විවිධ මත පළ වුණා.

පරිගණක 1000 ගුණයකින් වේගවත් වෙයි

IBM is growing microchips that could make computers 1,000 times faster
පරිගණක හා ජංගම දුරකථන දැනට පවතිනවාට වඩා දහස් ගුණයක් වේගවත් වන ලෙස ‘කාබන් චිප්‘ යොදාගෙන නිපදවිය හැකි තාක්ෂණයක් නිව්යෝක්හි අයිබීඑම් රසායනාගාර පර්යේෂක විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබ තිබේ.

ක්ෂුද්‍ර නැනෝ බට අවශ්‍ය පරිදි හැසිරවීමට සොයාගත් නව තාක්ෂණ ක්‍රමවේදයත් සමඟ මෙතෙක් භාවිත කළ ‘ සිලිකා‘ වෙනුවට‘කාබන් චිප්‘ යොදා ගැනීමට මේ විද්‍යාඥයන් කටයුතු යොදා ඇත. ඒවා කෙතරම් සියුම්ද යත් පරිගණකයට එන්නත් කිරීමට හැකි තරම් කුඩා වන අතර නම්‍යශීලී ආකාරයට තැනීමටද මින් හැකියාව ලැබේ.

ජනතාව ගසා කන උකස් කඩවලට වැට බැඳේ

උකස් කඩවලට වැට බැඳේ
ජනතාව සූරාකමින් රට පුරා හතු පිපෙන්නා සේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන බිහි වීම වැළැක්වීමට මෙවර අයවැයෙන් වැට බැඳ තිබෙන අතර, එක් උකස් ඒකකයක් සඳහා අය කරන වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

ග්‍රාමීය ජනතාව මූල්‍ය අපහසුතාවලදී සිය රන් භාණ්ඩ උකස් ගනුදෙනු මත යැපෙන අතර බොහෝ දුරට පාලනයක් රහිත උකස්කරුවන් විසින් මේ ජනතාව සූරාකෑමට ලක්වන බවට පැමිණිලි ගලා එන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

සේමිණිට පස් වසරකට පසු රඟපාන්න හිතිලා

සේමිණි ඉද්දමල්ගොඩ
සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රවීණ නිළියක්. ඇය ගැන තොරතුරක් පසුගිය දවස්වල අපිට අහන්න දකින්න නොලැබුණු තරම්. ඒ වගේ ම ඇය ටෙලිනාට්‍යයක් ඔස්සේ ද අප නෙතු නොගැ‍ටුණු තරම්. 

මේ හින්දම සේමිණී ගේ අලුත් ම තොරතුරු සොයා බලන්න අපි කටයුතු කළා. එවිට තමයි දැනගන්න ලැබුණේ වසර පහකට පස්සේ අලුත් ම ටෙලිනාට්‍ය රංගනයකින් ඇය ප්‍රේක්ෂකයා හමුවට ඒමට සූදානම් වන බව.