එක්සත් රාජධානියේ නව මහ කොමසාරිස් අමාරි විජයවර්ධන

එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස අමාරි මන්දිකා විජයවර්ධන මහත්මිය සිය පත්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින අතින් බකිංහැම් මාලිගයේ දී ලබාගත්තාය.

දෙරට අතර මිත්‍රත්වය පිළිබඳව ඇය හා රැජින අතර සාකච්ඡා කැරුණු අතර මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ උණුසුම් සුබාසිංශන රැජිනට පිළිගැන්වීමට ද විජයවර්ධන මහත්මිය කටයුතු කළාය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුපිරි මැඳුර මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  සුපිරි මැඳුර මෙන්න
ඇමරිකාවේ ජනාධිපති ලෙස පත් වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 100 ක්‌ වටිනා ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ලේ පිහිටි මහල් තුනක්‌ මුළුමනින්ම රජ මැඳුරකට සමාන බව හැඳින්වේ.

රුපියල පිරිහීමෙන් රාජ්‍ය ණය ඉහළට

රුපියල පිරිහීමෙන් රාජ්‍ය ණය කෝටි 14170 කින් නගී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක්‌ මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 14170 කින් ඉහළ ගොස්‌ තිබේ.මින් රු. කෝටි 13300 ක්‌ විදේශ ණය වැඩිවී ඇති අතර ඉතුරු රුපියල් කෝටි 870 ක්‌ වැඩිවී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්‌සේරු කළ හැකි දේශීය ණය ප්‍රමාණය වැඩිවීමෙනි.

ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල කලක්‌ තිස්‌සේම පිරිහෙමින් තිබේ. මේ වන විට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු.150 ද ඉක්‌මවා ගොස්‌ තිබේ.

සිඟා කෑ මවට රු. 20 ක්‌ දඩ

beggars in sri lanka
සිය බාල වයස්‌කාර දියණියන් දෙදෙනා හා 6 හැවිරිදි පුත්‍රයා සමඟ කළුතර බෝ සමිඳු අබියස පසළොස්‌වක පොහෝ දින (14 දා) මහජනතාවට හා වාහනවලට අවහිර වන අයුරින් සිඟා කෑමේ චෝදනාවට වරද පිළිගත් 38 හැවිරිදි තිදරු මවකට කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේෂ් රණතුංග මහතා රුපියල් 20 ක (විස්‌සක) දඩයක්‌ නියම කළේය.

මෙම කාන්තාවගේ අවුරුදු 9 ක්‌ හා 5 ක්‌ වයසැති දියණියන් දෙදෙනාද, 6 හැවිරිදි පිරිමි දරුවා ද භාර ගැනීමට ඇය හෝ සැමියා ඉදිරිපත් නොවූ හෙයින් එම දරු තිදෙනා පරිවාස භාරයේ ළමා නිවාසවල රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

කොළඹට අනිද්දා පැය 12 ක්‌ ජලය කපයි

කොළඹට අනිද්දා පැය 12 ක්‌ ජලය කපයි
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අනිද්දා (19 වැනිදා) උදැසන 9.00 සිට රාත්‍රි 9.00 දක්‌වා පැය 12 ක කාලයක්‌ තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය සඳහන් කරයි.

එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්‌ස, කෝට්‌ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්‌ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන වේ.