ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට

ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති අත්අඩංගුවට
ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය රජය සමයේ සිදු වූ බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදී ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහින්ද රාජපක්ෂගේ 71 වැනි ජන්ම දිනය අද

මහින්ද රාජපක්ෂගේ 71 වැනි ජන්ම දිනය අද
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය අද (18දා)ට යෙදී තිබේ.මේ නිමිත්තෙන් අදත් හෙටත් ආගමික වැඩසටහන් කීපයක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර එය ඇරැඹෙන්නේ අද අලුයම 5.30ට නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙන කිරිඅම්මාවරුන් වෙනුවෙන් පැවැත්වෙන දානයකිනි.

අද සවස 7.30ට කැලණිය රජමහා විහාරයේදී මල්, පහන්, ගිලන්පස පූජාවක් පැවැත්වෙයි. එය සංවිධානය කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසිනි.

එක්සත් රාජධානියේ නව මහ කොමසාරිස් අමාරි විජයවර්ධන

එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස අමාරි මන්දිකා විජයවර්ධන මහත්මිය සිය පත්වීමේ ලිපිය දෙවැනි එළිසබෙත් රැජින අතින් බකිංහැම් මාලිගයේ දී ලබාගත්තාය.

දෙරට අතර මිත්‍රත්වය පිළිබඳව ඇය හා රැජින අතර සාකච්ඡා කැරුණු අතර මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ උණුසුම් සුබාසිංශන රැජිනට පිළිගැන්වීමට ද විජයවර්ධන මහත්මිය කටයුතු කළාය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුපිරි මැඳුර මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  සුපිරි මැඳුර මෙන්න
ඇමරිකාවේ ජනාධිපති ලෙස පත් වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 100 ක්‌ වටිනා ට්‍රම්ප් ටවර් ගොඩනැඟිල්ලේ පිහිටි මහල් තුනක්‌ මුළුමනින්ම රජ මැඳුරකට සමාන බව හැඳින්වේ.

රුපියල පිරිහීමෙන් රාජ්‍ය ණය ඉහළට

රුපියල පිරිහීමෙන් රාජ්‍ය ණය කෝටි 14170 කින් නගී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක්‌ මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 14170 කින් ඉහළ ගොස්‌ තිබේ.මින් රු. කෝටි 13300 ක්‌ විදේශ ණය වැඩිවී ඇති අතර ඉතුරු රුපියල් කෝටි 870 ක්‌ වැඩිවී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්‌සේරු කළ හැකි දේශීය ණය ප්‍රමාණය වැඩිවීමෙනි.

ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල කලක්‌ තිස්‌සේම පිරිහෙමින් තිබේ. මේ වන විට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු.150 ද ඉක්‌මවා ගොස්‌ තිබේ.