සිය බාල වයස්‌කාර දියණියන් දෙදෙනා හා 6 හැවිරිදි පුත්‍රයා සමඟ කළුතර බෝ සමිඳු අබියස පසළොස්‌වක පොහෝ දින (14 දා) මහජනතාවට හා වාහනවලට අවහිර වන අයුරින් සිඟා කෑමේ චෝදනාවට වරද පිළිගත් 38 හැවිරිදි තිදරු මවකට කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේෂ් රණතුංග මහතා රුපියල් 20 ක (විස්‌සක) දඩයක් නියම කළේය.
මෙම කාන්තාවගේ අවුරුදු 9 ක් හා 5 ක් වයසැති දියණියන් දෙදෙනාද, 6 හැවිරිදි පිරිමි දරුවා ද භාර ගැනීමට ඇය හෝ සැමියා ඉදිරිපත් නොවූ හෙයින් එම දරු තිදෙනා පරිවාස භාරයේ ළමා නිවාසවල රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.




