ජැකලීන්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්

ජැකලීන්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්
බොලිවුඩය වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිවන ක්‍ෂේත්‍රයක තරුවක් වීම සුළුපටු නැහැ. ලස්සන, සිරුරේ හැඩය, නර්තන හැකියාව වැනි එකී මෙකී නොකී දේවල් රැසකට උරුමකම් කියන අපේ රටින් බිහිවූ රූ රැජන ජැකලීන් ෆර්ඩිනැන්ඩස්, බොලිවුඩ් තාරකාවන් අතර ඉහළම තැනක දිදුලන තරුවක්.

නමුත් මේ කියන්න යන්නේ බොලිවුඩ් තරුවක් ලෙස ඇය දිනාගත් ජයග්‍රහණයක් ගැනනම් නෙවෙයි. ජැකලීන් පසුගියදාක ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කිව්වා. ඒ ''Abdominal Plank Position' අංශයෙන්. ඇය ඒ අනුව එක් මිනිත්තුවකට Abdominal Plank Position සියයක් කිරීමට සමත් වුණා.

අම්පිටියේ සුමනරතන හිමියන්ට වාරණ නියෝගයක්

අම්පිටියේ සුමනරතන
ජාතීන් අතර සංහිඳියාවට බාධාවන ආකාරයේ ප්‍රචණ්ඩ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් මතභේදයට ලක් වී සිටින මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව එරාවුර් සංචාරක අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
දෙමළ ජාතිකයකුට අයත් ඉඩමකට බලහත්කාරයෙන් පිවිසීම මුල්කර ගනිමින් හටගත් මතභේදයකින් අනතුරුවයි එම වාරන නියෝගය නිකුත් කරනු ලැබ තිබෙන්නේ.

අධිවේගී මාර්ගවල අවම ගාස්තුවෙ වෙනසක්

අධිවේගී මාර්ගවල අවම ගාස්තුවෙ වෙනසක්
ඉදිරියේ දී අධිවේගී මාර්ගවල රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා කාලය තුළ රියැදුරන්ට අවම ගාස්තුව ලෙස ගෙවීමට තිබූ රුපියල් සියයේ අගය රුපියල් පනහක් වන බව අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසීය. 

මෙවර අයවැය යෝජනාවලට ඉදිරිපත් වූ අධිවේගී මාර්ගවල ගාස්තු අඩුවීමේ ක්‍රියාපටිපාටියට අනුව මෙය නොබෝ දිනකින් ක්‍රියාත්මක කරන බව ද එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව පරාජය වෙයි

ශ‍්‍රී ලංකාව පරාජය වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජය කරමින් සිබ්බාබ්වේ හි පැවැත්වෙත් ඇකිලියොන් තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම අද (16දා) සමත්විය. 

ලකුණු 228ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 165ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.ඒ අනුව කොදෙව්වන් ප්‍රසාද ලකුණක් සහිතව තරගය ජයගැනිමට සම්ත්වූහ. සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂානොන් ග්‍රේබ්‍ර්යල් හා අශ්ලි නර්ස් කඩුලු තුන බැගින් දවාලූහ.

සමන්තභද්‍ර හිමි තම පිළිරුවක් නිරාවරණය කරයි

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ පිළිරුවක් පසුගිය පොහෝදා උන්වහන්සේ වැඩවසන ආශ්‍රමයේදී නිරාවරණය කොට තිබෙනවා.

ජීවත්ව සිටියදීම හිමිනමකගේ ප්‍රතිමා වහන්සේ නමක් මෙසේ නිරාවරණය කිරීම විශේෂත්වයක්..එමෙන්ම මෙය මල් ආසනයක් මත ඉදිකර තිබීමත් බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක තිබෙන්නාක් මෙන් රැස් වලල්ලක් යොදා තිබීමත් සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැකියි.