බොලිවුඩය වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිවන ක්ෂේත්රයක තරුවක් වීම සුළුපටු නැහැ. ලස්සන, සිරුරේ හැඩය, නර්තන හැකියාව වැනි එකී මෙකී නොකී දේවල් රැසකට උරුමකම් කියන අපේ රටින් බිහිවූ රූ රැජන ජැකලීන් ෆර්ඩිනැන්ඩස්, බොලිවුඩ් තාරකාවන් අතර ඉහළම තැනක දිදුලන තරුවක්.
නමුත් මේ කියන්න යන්නේ බොලිවුඩ් තරුවක් ලෙස ඇය දිනාගත් ජයග්රහණයක් ගැනනම් නෙවෙයි. ජැකලීන් පසුගියදාක ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කිව්වා. ඒ ''Abdominal Plank Position' අංශයෙන්. ඇය ඒ අනුව එක් මිනිත්තුවකට Abdominal Plank Position සියයක් කිරීමට සමත් වුණා.




