ශ‍්‍රී ලංකාව පරාජය වෙයි

ශ‍්‍රී ලංකාව පරාජය වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජය කරමින් සිබ්බාබ්වේ හි පැවැත්වෙත් ඇකිලියොන් තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම අද (16දා) සමත්විය. 

ලකුණු 228ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 165ට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ.ඒ අනුව කොදෙව්වන් ප්‍රසාද ලකුණක් සහිතව තරගය ජයගැනිමට සම්ත්වූහ. සචිත් පතිරණ, නිරෝෂන් දික්වැල්ල හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂානොන් ග්‍රේබ්‍ර්යල් හා අශ්ලි නර්ස් කඩුලු තුන බැගින් දවාලූහ.

සමන්තභද්‍ර හිමි තම පිළිරුවක් නිරාවරණය කරයි

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ පිළිරුවක් පසුගිය පොහෝදා උන්වහන්සේ වැඩවසන ආශ්‍රමයේදී නිරාවරණය කොට තිබෙනවා.

ජීවත්ව සිටියදීම හිමිනමකගේ ප්‍රතිමා වහන්සේ නමක් මෙසේ නිරාවරණය කිරීම විශේෂත්වයක්..එමෙන්ම මෙය මල් ආසනයක් මත ඉදිකර තිබීමත් බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක තිබෙන්නාක් මෙන් රැස් වලල්ලක් යොදා තිබීමත් සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැකියි.

තව්හිද් ජමාත් ලේකම් රිමාන්ඩ් භාරයට

ආගම් අතර සංහිඳියාවට බාධා ඇතිවන ආකාරයේ ප්‍රකාශන කළ බවට සැකපිට අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුර් රෆික්දින් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.

කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ බුදුදහමට සහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශන සිදු කරනු ලැබ ඇති බවය.

පර්මිට් එකෙන් කාර් එකක් ගත්තේ නෑ

පර්මිට් එකෙන් කාර් එකක් ගත්තේ නෑ
තමාට හිමි බදු නිදහස් බලපත්‍රයෙන් තවමත් මෝටර් රථයක් මිලදී නොගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරයට කොළඹදී එක්වෙමින් ඊයේ (15දා) අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

එසේම ලංකාවේ පුවත්පත් කතුවරුන්, රූපවාහිනී සේවා වන පුවත් ඇතුළු අනෙකුත් අංශ ප්‍රධානීන් ලබාගන්නා වැටුපට වඩා අඩු වැටුපක් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.

රුපියල් 2500 ක දඩ මුදල රවී පැහැදිලි කරයි

රුපියල් 2500 ක දඩ මුදල රවී පැහැදිලි කරයි
රුපියල් 2500 ක දඩ මුදලක්‌ අයවැයෙන් යෝජනා කළේ රියෑදුරු බලපත්‍ර රහිතව වාහන ධාවනය කිරීම වැනි වැරදි සඳහා මිස අවම රථවාහන දඩයක්‌ ලෙස නොවන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.

මේ අනුව ඉර කැපීම හෝ වාහනයක්‌ වැරැදි තැනක නැවැත්වීම වැනි වැරදි සඳහා රු. 2500 ක දඩයක්‌ අයකර ගැනීමට රජයට අවශ්‍ය නැති බවද මුදල් ඇමැතිවරයා කීවේය.