ලංකාවේ 'ඒඩ්ස්' මරණ වැඩිවෙයි

ලංකාවේ 'ඒඩ්ස්' මරණ වැඩිවෙයි
මේ වසරේ ගත වූ කාලය තුළ ඒඩ්ස් රෝගය වැලඳුණු පුද්ගලයන් 34 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ලිංග ආශි්‍රත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කරයි.

ජල ගාස්තු වැඩි නොකරන බව ජනපති කියයි

ජල ගාස්තු වැඩි නොකරන බව ජනපති කියයි
ජල ගාස්තු වැඩි නොකරන බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ කළ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි අද ප‍්‍රකාශ කළා.දෙසැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ජල ගාස්තුව සියයට 30කින් පමණ ඉහළ යනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

මේ අතර ජල ගාස්තු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බවයි අමාත්‍ය රාවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී අද (15) ප‍්‍රකාශ කළේ.

බම්බලපිටියේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

බම්බලපිටියේ ජංගම ගණිකා නිවාසයක් වටලයි
වෑන් රථයක් යොදා ගනිමින් පවත්වාගෙන ගිය ජංගම ගණිකා ව්‍යාපාරයක් බම්බලපිටියේ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් වටලා තිබෙනවා.

එමිල්ඩා පටුමග අසලදී වෑන් රථයක සිටියදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 27 සහ 28 වයස් සීමාවල පසුවන කාන්තාවන් තිදෙනෙක්. ඔවුන් මින්නේරිය, කුන්ඩසාලේ සහ උඩවලව ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

අගමැති රනිල්ට රට පුරා මඩ පෝස්ටර්

අගමැති රනිල්ට රට පුරා මඩ පෝස්ටර්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ මුහුණ අර්ධයක් යොදා බැඳුම්කර හොරා ඉල්ලා අස්වෙනු යන වැකියද සටහන් කර අද 15 රට පුරා පෝස්ටර් අලවා තිබෙන බව වාර්තාවේ.මෙම පෝස්ටර් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශය මේවනවිට පරීක්ෂණයක් අරඹා ඇති

දැරිය කෙළෙසා මරාදැමූ සාහසිකයාව මරාදැමූ හැටි - වීඩියෝ

Man accused of raping and killing a 4-year-old girl is murdered
සිව් හැවිරිදි දැරියක් දූෂණය කර මරාදැමූ බව කියන පුද්ගලයෙක්ව එල්ලා මරා දැමූ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මෙම සැකකරා පුද්ගලයාව නඩු දිනය දා පොලිසියට කඩාවැදුනු ගම්මුන් විසින් සිරභාරයෙන් මුදාගෙන ප්‍රසිද්ධියේම ගසක එල්ලා මරා දමා ඇති බවයි එහි දැක්වුණේ.


සිව්හැවිරිදි දැරියගේ මළසිරුර මීට සතියකට පමණ ඉහතදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.