මේ වසරේ ගත වූ කාලය තුළ ඒඩ්ස් රෝගය වැලඳුණු පුද්ගලයන් 34 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගිය වසරට සාපේක්ෂව මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැලඳීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ලිංග ආශි‍්‍රත රෝග සහ එච්. අයි. වී. ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කරයි.




