මාර්ග නීති ගැන විනයක් ඇති කිරීමට දඩ මුදල වැඩිකළා
මාර්ග නීති පිළිබඳ විනයක් හා ගරුත්වයක් ජනතාව තුළ ඇති කිරීමේ රජයේ ක්‍රියාමාර්ගයක් ලෙස අය-වැය මගින් වාහන නීති කඩකරන්නන්ට එරෙහිව රු. 2500යේ අවම දඩ මුදලක් පැනවූ බවත් එම වැඩපිළිවෙළෙහි වෙනසක් කිරීමට තීරණය කර නැති බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කෙළේය.
මාර්ග නීතිරීති නොසලකා හැරීම ඇතුළු නීති උල්ලංඝනය කිරීම් රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. අය-වැය සකස් කිරීමේදී ලැබූ යෝජනාවලින් සියයට 90කින් පමණ ජනතාව ඉල්ලා සිටියේ සියලු ක්ෂේත්රයන්හි විනය ඇති කිරීම හා නීතිය පිළිපැදීමට ජනතාව යොමු කළයුතු බවයි.
මොරටුවේ මාරක රිය අනතුර CCTV Video
මොරටුව - ගාලුපාරේ කුරුස හන්දිය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සුඛෝපභෝගී මෝටර් රථයක්, අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් 62 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එම අනතුර අසල වෙළෙඳ සැලක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි.
රාජ්‍ය ආයතන රැසක් විකුණයි
ලබන වර්ෂයේදී (2017) රජයට අයත් ව්‍යාපාර ආයතන ගණනාවක රාජ්‍ය අයිතිය කොටස් වෙළෙඳපොළ හරහා විකුණා දැමීමට මෙවර අය-වැයෙන් මුදල් අමාත්‍යංශය සැලසුම් කර ඇත.
ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක් ( දළ වශයෙන් රු. කෝටි 15,000ක්) පමණ මුදලක් උපයා ගැනීමට රජය ඉලක්ක කර ඇත.
එම ආයතනවල රාජ්‍ය අයිතිය විකුණා දැමීම සඳහා එම ආයතන මුලින්ම කොටසක් වෙළෙඳ පොළේ ලියාපදිංචි කිරීමට නියමිතය.




