රවි වැරදි බව එස්බී කියයි
සමෘද්ධි ව්‍යාපාරය “ජන ඉසුර” ලෙස වෙනස් කළ යුතු බවට අයවැය යෝජනා වලදී ප්‍රකාශ වූ බව අද (11දා) දින මාධ්‍ය කරනු ලැබූ වාර්තා සත්‍යයෙන් තොර බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් 2017 වර්ෂය දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය ලෙස ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට නියමිත දුප්පත් කම තුරන්කිරීමේ වැඩ සටහන ජන ඉසුර ලෙස නම් කළ යුතු බව යෝජනා වූ බවත්, එහෙත් මුදල් ඇමැතිවරයා විසින් සිදු කළ අයවැය කථාවේදී මෙම කාරණය නිසි පරිදි සන්නිවේදනය නොවූ බවත් අමාත්‍ය දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ලේ වඩන ශක්ති ජනක වෙරළු දලු කැඳ සහ මැල්ලුම
ශ්‍රී ලංකාවේ ඔලිව් ගෙඩි ලෙසින් හඳුන්වන වෙරළු ගෙඩියක රස නොබැලූවන් වර්තමානයේ බොහෝ සිටියත් මීට වසර දහයකට පමණ පෙරදී වෙරළු ගෙඩියක රස නොබැලූ දරුවකු හෝ වැඩිහිටියකු සිටියේ නම් ඒ අතලොස්සකි.
වෙරළු ඉතා රසවත් සහ ගුණදායි පලතුරකි. එසේම වෙරළු දලුද ඉතා ගුණදායි ආහාරයකි.
ජල ගාස්තු ඉහළ දමයි
ජල ගාස්තු ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා වූ ගැසට් නිවේදනය ඊයේ (11 දා) නිකුත් කර තිබේ.
රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරන ලද අංක 1991/37 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව කාණ්ඩ නවයක් යටතේ ජල ඒකක ගාස්තු හා මාසික සේවා ගාස්තු ඉහළ නංවා ඇති බව එහි සඳහන් වේ.
රු.2500 දඩයට එරෙහිව බස් වර්ජනයක්
වාහන වැරදි සඳහා පනවනු ලබන අවම දඩය මෙවර අයවැය මගින් රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට එරෙහිව ලබන සතියේ දිනෙක දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා කීය.
මෙම වැඩ වර්ජනය සඳහා සියලුම බස් සමාගම් මෙන්ම කන්ටේනර් සහ ලොරි වැනි සංගම් ද එක් කර ගන්නා බවත් වැඩ වර්ජනය පවත්වන දිනය සම්බන්ධව ලබන සඳුදා දින (14දා) ප්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය.




