ප‍්‍රබල පුතුගේ අසභ්‍ය දර්ශන නිසා විවාහය දෙදරයි

පැරණි පෙම්වතිය ප‍්‍රබල පුතුගේ අසභ්‍ය දර්ශන පෙන්වයි
ප‍්‍රබල පුතෙකුගේ අසභ්‍ය දර්ශණ කිහිපයක් පැරණි පෙම්වතිය විසින් මෑතකදී විවාහ වූ බිරිදට පෙන්වීමක් හේතුවෙන් එහ විවාහය දෙදරා ගොස් ඇති බවට වාර්තා පල වෙයි.

මේ වන විටත් ඇමති පුතා හා ඔහුගේ විවාහක බිරිද වෙන්ම වාසය කරන අතර ඔවුන් දෙදෙනා විවාහ වී ගතව ඇත්තේ සුළු කාලයකි.

පොලිස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ

ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ
ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ඇස් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.

‘ආවා ගෲප්’ නායකයා ‘සන්නා’

‘ආවා ගෲප්’ නායකයා ‘සන්නා’
විදේශගතව සිටින එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව යළි එල්.ටී.ටී.ඊ. ය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් උතුරේ මෙම ‘ආවා ගෲප්’ සංවිධානය පිහිටුවා ගෙන ඇති බවත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික නල්ලලිංගම් ප්‍රසන්න නොහොත් ‘සන්නා’ එහි නායකයා බවට තොරතුරු අනාවරණය කැර ගත් බවට කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය ඊයේ (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ‍වෙත දැනුම් දුන්නේය. ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගනු ලැබූ ‘ආවා ගෲප්’ සංවිධානයේ තවත් සැකකරුවන් 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන ඒකකය මේ බව දැනුම් දුන්නේය.

කොකුවිල යාපනය පදිංචි නල්ලලිංගම් ශර්මිරන් නැමැති සැකකරු ඉකුත් 7 වැනි දින අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.

දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට?

දුමින්ද සිල්වාමරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට මාරු කැර යැවීමට තීරණය වී තිබේ.

ඊයේ (11) බන්ධනාගාර කොමස‍ාරිස් ජනරාල් නිශාන් ධණසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔහු ව ජයවර්ධනපුර රෝහල වෙත යැවීම සිදු වනු ඇති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දු මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙන් මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයට යොමු කළ දුමින්ද සිල්වා එම දිනෙන් දෙදිනකට පසු බන්ධනාගාර රෝහලට යොමු කෙරුණේ ඔහුට උණ රෝගය වැළඳී ඇතැයි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් කළ නිර්දේශය මතය.

වසර 68කට පසු සුපිරි හඳක්

2016නොවැම්බර් මස පුර පසළොස්වක පොහොය දින(14 වෙනිදා) වෙනත් පුරපසළොස්වක දින වලමෙන් නොව චන්ද්‍රයා විශාලව දැකගත හැකි අවස්ථාවක් වසර 68 කටපසු පෘථිවි වාසීන්ට උදාවේ.

මෙය සුපිරි හඳ (Super Moon) ලෙසහඳුන්වයි.

මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැක.