මත්පැන් බදු වැඩිකරයි

මත්පැන්
පානීය මධ්‍යසාර ආනයනය කිරීමේදී ලීටරයක් සඳහා රුපියල් 800ක තීරු බද්දක් පැනවීමට අයවැයෙන් යෝජනා කර තිබේ.

එසේම ආනයනය කරන පානීය නොවන මධ්‍යසාර මත ලීටරයකට රුපියල් 25ක සුරා බද්දක් පනවා තිබේ.

බියර් කෑන් සඳහාද බදු වැඩි කර තිබේ. මිලි ලීටර් 350ට අඩු කෑනයක් සඳහා රුපියල් 10ක් හා මිලි ලිටර් 350ට වැඩි කෑන් එකක් සඳහා රුපියල් 15ක බද්දක් පනවා තිබේ.

රථවාහන අවම දඩය රුපියල් 2500යි

රථවාහන අවම දඩය රුපියල් 2500යි
රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කර තිබෙනවා.

එම දඩ මුදල දුරකථනය මගින් ගෙවිය හැකි වනවා.මේ වන විට රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 500ක්.එමෙන්ම රථ වාහන සඳහා නව කාබන් බද්දක්ද පැනවීමට කටයුතු යොදා ඇත.

ලංකාවට ලකුණු 257ක ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.ඒ ලකුණු 257කින්.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් රංගන හේරත් ලෝක ක්‍රිකට් පිටියේ වීරයන් අතරට එක්ව තිබෙනවා.ඒ කඩුලු 350ක් ලබා ගත් වයස්ගතම පන්දු යවන්නා ලෙසයි.මේ වන විට රංගන හේරත්ගේ වයස අවුරුදු 38ක් සහ දින 236ක් වනවා.

බොදු බල සේනාවෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

අමෙරිකාවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජය ගැනීමත් සමග ඔහුට සුබ පැතීමට බොදු බල සේනා සංවිධානය ක්‍රියා කර තිබෙනවා.

ට්‍රම්ප් මහතා, ලෝක සාමයට තර්ජනයක් වෙමින් පවතින ඉස්ලාමික ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බවට සෘජුව ප්‍රකාශ කරමින් අරාබි මුදල් ඇතුළු සියලු අන්තවාදී බලවේග ඉදිරියේ නොසැලෙමින් සිටි බවට යි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෛත‍්‍රිගේ අනාවැකියක් වැරදී යයි.. [Video]

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් පරාජායට පත් කරවමින් ඩොවල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීමත් සමග පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබූ පුරෝකතනයක් වැරදී ගියේය.

ජනාධිපති මෛත‍්‍රී උත්සව සභාවක් අමතමින් පසුගිය ජූලි 28 වැනිදා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපති ලෙස පත්වීමත් සමග ලෝකය පාලනය කිරීමේ අවස්ථාව ඇයට හිමිවන බවයි.