ලෝක බලවතාට ජනපති අගමැති සුබ පතති

ජනපති අගමැති
ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සුබපැතුම් එක්කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනපති මෛත්‍රීපාල මහතා පවසා ඇති අතර ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන්කර ඇත. සිය ට්විටර් ගිණුම් හා ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙසේ සුබපැතුම් පණිවිඩ එක්කර තිබේ

හිලරි ක්ලින්ටන්ගෙන් සංවේදී ස්තූති කතාවක්

හිලරි ක්ලින්ටන්
ඉතා උනුසුම් මුහුණුවරක් ගෙන ඇති ඇමරිකානු එක්සත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීම මේ වන විට පවතින්නේ අවසන් අදියරේ..

දැනට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ආසන 244 ට 215ක් ලෙස ඩොන්ල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටිනවා.ඇමරිකානු එක්සත් ජනපදයේ ජනපති වීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ තවත් ආසන 26ක ජය පමණි.‍

හේරත්ගෙන් ලෝක වාර්තාවක්

හේරත්ගෙන් ලෝක වාර්තාවක්
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේහිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (08දා) විශිෂ්ට පන්දු යැවීමට නිතර වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් කඩුලු 05ක් බිඳලීමට සමත්වූ අතර, පන්දුවාර 26කදී ඔහු වැයකළේ ලකුණු 89ක් පමණි.

හේරත් දවාගත් මෙම කඩුලු පහත් සමගින් ඔහු ලොව ටෙස්ට් ක්‍රීඩාකරන සෑම රටකටම එරෙහිව කඩුලු 05 බැගින් බිඳහෙලා ඇති අතර, එවැනි දස්කමක් දැක්වූ ලොව තෙවැනි පන්දු යවන්නා ලෙස ක්‍රිකට් වාර්තා අතරට එක්විමට ඔහුට හැකිවිය.

උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවිය ලබයි

Upekshaa Swaranamali
කලා ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවිය ලබා තිබෙනවා.ඇයගේ කුළුඳුල් දරුවා ඊයේ ඉපදුණු බව ඇය පවසා සිටියේ.උපේක්ෂට ලැබුණු කුළුඳුල් දරුවා දියණියක් බවයි ඇය සතුටින් අපත් සමඟ සඳහන් කර සිටියේ.

මේ ඇයගේ සතුට වචනවලට පෙරලපු හැටියි.

“මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. බබා ලැබුණට පස්සේ තමයි මව් පදවිය කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් වුනේ. ජිවිතයේ වැඩියෙන්ම බලාපොරොත්තු වූ දේ ලැබුණා. වචනවලට පෙරල ගන්න බැරි පුදුම සතුටක් තමා තිබෙන්නේ. හොඳ වෛද්‍යවරයකු යටතේ සිසේරියන් සැත්කමකින් දරුවා ලැබුණා. හිතේ බය විතරයි තිබුණේ. අපරාදේ මම නිකරුණේ බය වුණේ.“

හයේ වරුසාවකින් මංගල ශතකය රැස් කල අසේල (Video)

සිම්බාබ්වේ පිළ සහ ශ්‍රී ලංකාව අතර හරාරේ නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ ශ්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 504ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 127ක් රැස් කළ අතර, එය ඔහුගේ දෙවන ටෙස්ට් ශතකයයි.