අමෙරිකාවට පමණක් සීමා නොවී මුළුමහත් ලෝකයේම ආර්ථික, සාමාජයීය, දේශපාලනික තත්වයට බලපෑම් එල්ල කරන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හෙට (08) පැවැත්වේ.
සිව් වසරක ධුර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සඳහා වසරක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන මැතිවරණ ක්රියාදාමයේ ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් එරට පැවැත්වෙන 58 වැනි ජනාධිපතිවරණය මෙයයි.




