පස්‌ කන්දක්‌ කඩා වැටී 6ක්‌ යට වෙති

පස්‌ කන්දක්‌ කඩා වැටී 6ක්‌ යට වෙති
ඉකුත් 05 වැනිදා පෙරවරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ වැඩ බිමක සේවයේ නියුතු සේවක පිරිසක්‌ මතට පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 06 දෙනකු නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ග්‍රෙගරි වැව ආසන්නයේ අභයපුර මාර්ගය අසල තාප්පයක්‌ සෑදීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී අඩි 15 ක්‌ පමණ වූ පස්‌ කන්ද හිටිහැටියේ සේවය කරමින් සිටි පිරිස මතට කඩා වැටී ඇත.

එක්දින නායකත්වය උපුල් තරංගට

එක්දින නායකත්වය උපුල් තරංගට
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ හා උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධයන්ට ලක්‌ව සිටීම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලියේ නායකයා වශයෙන් උපුල් තරංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තේරී පත්වන 19 වැනි එක්‌දින නායකයා උපුල් තරංග වන අතර කණ්‌ඩායමේ උපනායක වශයෙන් කුසල් පෙරේරා කටයුතු කරනු ලබයි.

නිරෝෂාත් අද හෙටම අම්මා කෙනෙක් වෙනවලු

නිරෝෂා තලගල කියන්නෙ දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කියලත් අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනේ.

මේ දවස්වල රියැලිටි වැඩත් එක්ක බිසී වෙලා ඉන්න නිරෝෂා ඔන්න එයාගෙ ජීවිතේ පොඩි වෙනසක් කරගන්න යනවා කියලා අපිට ආරංචි වුණා. ඒ තමයි නිරෝෂා අම්මා කෙනෙක් වෙන්න හීන දකිනවා කියන එක.

රණවිරු විරෝධතාව දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන

විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයන් සුළු පිරිසක් මේ වනවිට කොළඹ කොටුවේ පවත්වන විරෝධතා රජය අප්‍රසාදයට පත්කිරීම සඳහා සිදු කරන්නක් බවත්, එය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරගෙන ඇති බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ 2017 වසරේ අය-වැය යෝජනාවට මෙම ආබාධිත රණවිරුවන් සඳහා විශ්‍රාම වැටුපට අදාළව මුදල් වෙන්කර ඇති බවත්, එය 2017 වසරේ පෙබරවාරි මස සිට ගෙවීමට ජනනපතිවරයා උපදෙස් දී ඇති බවත්ය.

‘‘ආවා’’ කල්ලියේ 6 ක් අත්අඩංගුවට

‘ආවා’ කල්ලියේ බවට සැකකරන පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.

ඔවුන්ගෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05දා) දිනයේදී වන අතර, ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු අද (06දා) අත් අඩංගුවට ගෙන තිබේ.