ශ්රී ලංකා ක්රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා උප නායක දිනේෂ් චන්දිමාල් ආබාධයන්ට ලක්ව සිටීම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ නායකයා වශයෙන් උපුල් තරංග නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්රී ලංකාව වෙනුවෙන් තේරී පත්වන 19 වැනි එක්දින නායකයා උපුල් තරංග වන අතර කණ්ඩායමේ උපනායක වශයෙන් කුසල් පෙරේරා කටයුතු කරනු ලබයි.




