ඇමෙරිකානු ජනාධිපතිවරණය හෙට

american election
අමෙරිකාවට පමණක් සීමා නොවී මුළුමහත් ලෝකයේම ආර්ථික, සාමාජයීය, දේශපාලනික තත්වයට බලපෑම් එල්ල කරන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හෙට (08) පැවැත්වේ.

සිව් වසරක ධුර කාලයක් වෙනුවෙන් ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සඳහා වසරක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන මැතිවරණ ක්‍රියාදාමයේ ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම වෙනුවෙන් එරට පැවැත්වෙන 58 වැනි ජනාධිපතිවරණය මෙයයි.

බජට් රහස් කියන්න රවී - චන්ද්‍රිකා හමුවෙයි

රවී - චන්ද්‍රිකා
නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(06)පස්වරුවේදී එතුමිය මුණගැසී සාකච්ඡා කර තිබේ.

හිටපු ජනාධිපතිනීයගේ නිල නිවසේදී පැවැති මෙම හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ “බජට් රහස් කියන්න බෑනේ. සහන ලැබෙන අයවැයක් වාගේ පේනවා.“ යැයි පැවසුවාය.

දරුවකු බිහි කරද්දී තවත් කාන්තාවකට ළඟ ඉන්න අවසර

දරුවකු බිහි කරද්දී
දරුවකු බිහිකරන අවස්ථාවේ චිත්ත ධෛර්යය වැඩිකිරීමේ අරමුණින් සෑම ගර්භණී කාන්තාවකටම තමන් කැමැති කාන්තාවක් සූතිකාගාරයට කැඳවා ගැනීම සඳහා අවස්ථාව හිමිකර දෙන බව කොළඹ කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

වර්ෂ 2008 සිට කාන්තා සහායිකාවක් කැඳවා ගැනීම සඳහා ගර්භණී කාන්තාවකට අවස්ථාව හිමිකරදී තිබූ බවත් 2011 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාය මාර්ගික සැලැස්මට මේ අයිතිය ලබාදීම ඇතුළත් කර ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

පණ්ඩිත් අමදේව නමින් උදා ගම්මානයක්

පණ්ඩිත් අමදේව නමින් උදා ගම්මානයක්
අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයාණෝ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් නමින් උදා ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ, පසුගියදා (04) කුරුණෑගල දිස්ත්‍රික්කයේ එදිරිමනගම උදා ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

රූකාන්තගෙන් අමරදේවයන්ට උපහාර ගීතයක්

Tribute Song - W.D. AMARADEVA
‘හෙළයේ මහා ගාන්ධර්වයා’ ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මගින් නික්ම ගියහ. අද වන විටත් ශ්‍රි ලාංකික කලාකරුවන්ගේ හදවත් ශෝකාන්තයට පත්ව ඇත.

අප රටේ ජනප්‍රිය ගායකයෙකු වන රූකාන්ත ගුණතිලක විසින් පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් උපහාර ගීතයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි පද රචනය කැලුම් ශ්‍රීමාල් වන අතර, සංගීතය තනුව සහ ගායන රූකාන්ත ගුණතිලක විසින් සිදුකරනු ලබයි.