ඉකුත් 05 වැනිදා පෙරවරුවේ නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ වැඩ බිමක සේවයේ නියුතු සේවක පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ 06 දෙනකු නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ග්‍රෙගරි වැව ආසන්නයේ අභයපුර මාර්ගය අසල තාප්පයක් සෑදීම සඳහා අත්තිවාරම් කපමින් සිටියදී අඩි 15 ක් පමණ වූ පස් කන්ද හිටිහැටියේ සේවය කරමින් සිටි පිරිස මතට කඩා වැටී ඇත.




