මන්නාරමේ විශේෂ පොලිස් බළකා කඳවුර ඉවතට

 විශේෂ පොලිස් බළකා කඳවුර
මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන වීදියේ දෙකේ කණුව ප්‍රදේශයේ පිහිටා තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පෙරේදා (01දා) සිට ඉවත් කළ බැව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවැසුවේ කඳවුරු නිලධාරීන් වවුනියාව, කුරුක්කල්, පුදුකුලම පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත කොට ඇති බවයි.

ෆොන්සේකාට කැළණිය බාරදේ

ෆොන්සේකාට කැළණිය බාරදේ
එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ.

ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) 'සිරිකොත' එජාප මුලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට ලබාදුන්නේය.

කරූ ජයසූරියගේ බාලදියණිය දිවියෙන් සමුගනී

කරූ ජයසූරියගේ බාලදියණිය දිවියෙන් සමුගනී
කතානායක කරූ ජයසූරිය මහතාගේ බාලදියණිය මීට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇතැයි වාර්තා වේ.

මියයන විට ඇය ලන්ඩන් නුවර දී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය.ඇගේ අවාසනාවන්ත මරණයට හේතු වූයේ වසර 9 ක් තිස්සේ ඇයට වැළඳී තිබුණ පියයුරු පිළිකා රෝග තත්වයයි.
ඇය මිය යන විට හතළිස් වන වියෙහි පසු වුවා. ඇයගේ අන්තිම කැමැත්ත පරිදි අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී සිදු කෙරෙනු ඇති.

ආවා හැදුවේ ගෝඨා

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
උතුරේ ක්‍රියාත්මකවන බව කියන 'ආවා' නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම මත ගොඩනඟන ලද මැර කල්ලියක් බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ පුද්ගලයින් අද දවසේද ක්‍රියාත්මක වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතා අනුව මත බවත්,එය ගොඩනැඟුව බ්‍රිගේඩයර්වරයා තමන් දන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද(02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ටිරාන් රිමාන්ඩ්

ටිරාන් රිමාන්ඩ්
රාඩා ආයතනය හරහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ටිරාන් අලස් ඇතුළු තිදෙනෙකු නොවැම්බර් මස 10වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(02)කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය විසින් නිකුත් කළ නොතීසියට අනුව ටිරාන් අලස්,සාලිය වික්‍රමසූරිය සහ ජයන්ත ඩයස් සමරසිංහ තිදෙනා අද (02) අධිකරණයේ පෙනී සිටියහ.